
ඉරානයේ හමුදා හැකියාවන්ගෙන් වැඩි ප්රමාණයක් දැනටමත් විනාශ වී ඇති බව පවසමින්, එක්සත් ජනපදය අද රාත්රියේ ඉරානයට “ඉතා දරුණු ලෙස පහර දෙන” බවට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවයි.
සුපුරුදු ලෙස සිය Social Truth හි සටහනක් තබමින් ට්රම්ප් මේ බව අනාවරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ට්රම්ප් කියා සිටියේ ඉරානයේ නාවික, ගුවන් හමුදා, රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂක ජාල සහ එහි ප්රහාරක හමුදා හැකියාවන්ගෙන් විශාල කොටසක් “අහිමි වී ඇති” බවයි.















