සාම ගිවිසුම අතළඟ: හෝමූස් දින කිහිපයකින් විවෘත වන බවට ට්‍රම්ප්ගෙන් සහතිකයක්

ගිවිසුම අත්සන් කළ වහාම හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත වන බවත්, එය දින දෙක තුනකින් විය හැකි බවත් ට්‍රම්ප් තවදුරටත් පැවසීය.

අප්‍රේල් මාසයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන් පසු ඇති වූ බරපතලම සිද්ධිනේ පසුව ප්‍රහාර අත්හිටුවන බව ඊශ්‍රායලය සහ ඉරානය  ප්‍රකාශ කළේය.

“අපට ගිහින් බෝම්බ හෙළන්න පුළවන්, ඔව් අපිට ඕන නම් ඒක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. අපි තවත් සති දෙකක් හෝ තුනක් බෝම්බ හෙළුවොත්, [ඉරානයට] කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. නමුත් ඔබට මාස ගණනක් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට නොහැකි වේවි,” ට්‍රම්ප් පැවසුවේ ඉරානයට එරෙහි එක්සත් ජනපද නාවික අවහිරය “බෝම්බ හෙලීමට වඩා බෙහෙවින් ශක්තිමත් වූ” බව පවසමිනි. ඉරානයට ගිවිසුමක් අවශ්‍ය කිරීමට එය හේතු වූ බව ද ට්‍රම්ප් පැවසුවේය.

නෙතන්යාහු සමඟ තමා වඩ වඩාත් කෝපයට පත්ව ඇති බව කී ට්‍රම්ප්, යුද්ධය දිගටම කරගෙන යාමේ ප්‍රතිවිපාක පිළිබඳව ඊශ්‍රායල අගමැතිට අනතුරු ඇඟවූ බව ද පැවසීය.

“මම කිව්වා, ‘බිබී, ඔයා පරිස්සම් වෙන්න, නැත්නම් ඔයා ඉක්මනින්ම තනියම ඉඳීවි'” ට්‍රම්ප් පැවසීය.

ඔහුගේ Truth Social වේදිකාවේ සටහනක, ඔහු දෙපාර්ශවයම “ප්‍රහාර” නවත්වන ලෙස ඉල්ලා සිටි අතර, සාමය සඳහා වන අවසාන සාකච්ඡාවලට නොදැනුවත්කම හෝ මෝඩකම නිසා බාධා කළහොත් යුද්ධය ඉදිරියට යනු ඇති බව පැවසීය.

පසුගිය ඉරිදා මෙම කලබලය ආරම්භ වූයේ ඊශ්‍රායලය ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත මාරාන්තික බෝම්බ හෙළීමත් සමඟය. එක්සත් ජනපදය සමඟ ඕනෑම සාම ගිවිසුමක් ලෙබනනයේ සටන් අවසන් කිරීම මත රඳා පවතින බව දිගු කලක් තිස්සේ පවසා ඇති ඉරානය, උතුරු ඊශ්‍රායලයට මිසයිල රැල්ලකින් ප්‍රතිචාර දැක්වීය.

ට්‍රම්ප් ඉරිදා සවස නෙතන්යාහුට කතා කර පළි නොගන්නා ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ. නමුත් ඊශ්‍රායලය සඳුදා අලුයම ඉරානයට ප්‍රහාර එල්ල කළේය.

ඊශ්‍රායල හමුදා ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති සහ ඛනිජ රසායනික කම්හලකට පහර දුන් අතර, ඉරානය හයිෆා හි සමාන පහසුකමකට පහර දී ඊශ්‍රායල ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. අල්ලා ගත් බටහිර ඉවුරට ඉහළින් ඉරාන මිසයිල බොහොමයක් ඊශ්‍රායලය විසින් බිම හෙළන ලදි.

දෙපාර්ශ්වයේම කිසිදු මරණයක් වාර්තා නොවීය.

පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයක් අවසන් කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහය මෙම ප්‍රහාඑර මගින් සංකීර්ණ විය. අප්‍රේල් 8 වන දින ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයක් මගින් සම්පූර්ණ යුද්ධයක් නතර කරන ලද නමුත් ගල්ෆ් කලාපයේ ගිනිදැල් දිගටම පැවතුනි.

ඔහුගේ පැත්තෙන්, නෙතන්යාහු රූපවාහිනී ප්‍රකාශයකින් කියා සිටියේ, “ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා පූර්ණ අයිතියක් ඇති බවත්, අවශ්‍ය පරිදි අපි එය ක්‍රියාත්මක කරන බවත්” ට්‍රම්ප්ට පැවසූ බවයි.

“දැන් පෙරමුණේ ගින්න පාලනය කර ඇත, මන්ද අපි ටෙහෙරානයේ ත්‍රස්තවාදී පාලනයට පහර දුන් පසු ඔවුන් අපට පහර දීම නතර කර ඇත,” ඔහු පැවසීය.

ඉරානය “අපට එරෙහිව ප්‍රහාර නැවත ආරම්භ කිරීමේ වැරැද්ද කළහොත්, අපි සම්පූර්ණ බලයෙන් ප්‍රතිචාර දක්වනු ඇත” යනුවෙන් නෙතන්යාහු ද අනතුරු ඇඟවීය.

source: aljazera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website