සංචාරක ආදායම්වල කිසිම අඩුවක් සිදුවී නැහැ – ඇමැති විජිත හේරත්

සංචාරක ආදායම්වල කිසිදු අඩුවීමක් නොමැති බවත් පැරණි දත්ත සමීක්ෂණ ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සමීක්ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීම නිසා සංචාරකයින්ගේ සැබෑ වියදම් රටාවන් නිවැරදිව අනාවරණය වීම පමණක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මීට පෙර මෙරට භාවිත කර ඇත්තේ කෘතිමව ඉහළ ආදායමක් පෙන්විය හැකි, සීමිත සාම්පල ප්‍රමාණයක් සහිත සමීක්ෂණ ක්‍රමවේදයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රජය යටතේ ජාත්‍යන්තරව පිළිගත් සමීක්ෂණ ක්‍රමවේදයන් පිළිපැදීමට සිදු කරන බව සඳහන් කළේය. ඒ අනුව විදේශීය සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ සැබෑ ලෙසම වියදම් කරන ඩොලර් ප්‍රමාණය නිවැරදිව සොයාගෙන ඇති බවත්, සංචාරකයින් ශ්‍රී ලංකාවේ වියදම් කිරීමේ රටාවේ කිසිදු විශාල වෙනස්කමක් හෝ බිඳ වැටීමක් සිදු වී නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සිදුව ඇත්තේ නිවැරදි දත්ත වාර්තා වීම පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website