අද (09) උදෑසන කදාන දුම්රිය ස්ථානය අසල දී ත්රිරෝද රථයක් මුතුකුමාරි අධිවේගී දුම්රියේ ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
හලාවත සිට පානදුර දක්වා ධාවනය වූ මුතුකුමාරි අධිවේගී දුම්රිය පෙ.ව. 7.10 ට පමණ කදාන අසල දුම්රිය හරස් මාර්ගයකදී ත්රිරෝද රථයේ ගැටී ඇති බව දුම්රිය බලධාරීන් පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.















