ගල් අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම ගල් අඟුරු මිලදී ගැනීමට සම්බන්ධ ප්රසම්පාදන කමිටුවල නිලධාරීන් හතර දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ගෙන ඇති අතර මේ දක්වා රජයේ නිලධාරීන් 50 දෙනෙකුගෙන් පමණ ප්රකාශ සටහන් කර ගෙන තිබේ.
කොමිෂම පැවසුවේ මේ වන විට කොමිසමට මේ දක්වා පැමිණිලි 28ක් ලැබී ඇති බවයි.
මේ සම්බන්ධ විවෘත සාක්ෂි විභාගය ජූලි මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිත බව ද ගල් අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම ප්රකාශ කළේය.















