‌රට පුරා ඩෙංගු රෝගීන්ගේ තියුණු වර්ධනයක් – විශේෂ ‌ඩෙංගු මර්දන වැඩසටහන හෙට ඇරඹෙයි

දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝගීන්ගේ තිබුණු වැඩිවීමක් වාර්තා වන අතර මේ වසරේ ඩෙංගු ආශ්‍රිත මරණ 20ක් වාර්තා වී ඇති බව ජාතික ‌ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

මෙම අවදානම් තත්ත්වයට ප්‍රතිචාරීව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල හෙට සිට (ජුනි 8) සිට 10 දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන බව කපිල කන්නන්ගර මහතා සඳහන් කළ අතර, වැළැක්වීමේ උත්සාහයන්ට බාධා කරන අයට එරෙහිව නීතිමය දැඩි පියවර ගන්නා බවට අනතුරු ඇඟවීය.

ජූනි 05 වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 36,168ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 14ක අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 72ක් හඳුනා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website