2026 යල කන්නය සඳහා ප්‍රමාණවත් තරම් ජලය ලබාදීම සහතික කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහතික වුවත් ඉදිරි සතිවල වර්ෂාපතනයේ අඩුවීමක් ගැන ද දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන ප්‍රධාන ජලාශ 73 හි මුළු ගබඩා ධාරිතාවෙන් 63%ක් පිරී ඇති අතර අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල ධාරිතාවෙන් 70%කට වඩා ඉහළ මට්ටමක පවතින බව ද දෙපාර්තමේන්තුව හෙළි කළේය.
ඉදිරි සතිවල වර්ෂාපතනය අඩුවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවෙව්දනයක් උපුටා දක්වමින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මහජනතාවගෙන් සහ ගොවි ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
















