කුවේට් ගුවන් තොටුපළට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු වාණිජ ගුවන් ගමන් අත්හිටුවූ බව කුවේට් රජය අද (03) නිවේදනය කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් සවුඩ් අබ්දුලාසීස් අල්-ඔටයිබි පැවසුවේ “සතුරු ඩ්‍රෝන යානා ගණනාවක්” කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී ගොඩනැගිල්ල ඉලක්ක කර ගත් බවයි.
ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වී පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් ඔහු පැවසුවේය.
ඉරානය සහ එක්සත් ජනපදය ඊයේ රාත්‍රියේ දී මිසයිල ප්‍රහාර හුවමාරු කර ගැනීමෙන් පසුව මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ අතර, එක්සත් ජනපද හමුදාව කියා සිටියේ කුවේට් සහ බහරේනය වෙත එල්ල කරන ලද ඉරාන මිසයිලවලට පළිගැනීමක් ලෙස ඉරාන හමුදා කඳවුරකට ප්‍රහාර දියත් කළ බවයි.














