අධිකරණ ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අදාළ බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙස අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 සිට බඳවා ගැනීම් සිදු නොකිරීම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2647ක් පවතින බවයි.
මේ කරුණු අනාවරණයේ වූයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුුතු අමාත්‍ය (නීතීඥ) හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ දීය.
මීට අමතරව, මන්ත්‍රීවරු අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒවාට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් ද කාරක සභා සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
නියෝජ්‍ය අමාත්‍ය (නීතීඥ) සුනිල් වටගල මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.









