රුපියල අවප්‍රමාණය වීම සහ විදේශ සංචිත ගැන IMF මෙහෙයුම් ප්‍රධානී සිය ප්‍රසාදය පළ කරයි

ශ්‍රී ලංකාව මෑතකදී මිල ගණන් ස්ථාවර කිරීම සහ රුපියල ස්ථාවර කිරීම තුළින් ලබා ගත් ලාභයපාලනයකින් තොරව මුදල් මුද්‍රණය කිරීම නොව, ප්‍රවේශම් සහගත මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පැවසීය.

2022 අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී සියයට 60-70ක් පමණ දක්වා ඉහළ ගිය උද්ධමනය, මැද පෙරදිග ගැටුම හේතුවෙන් පසුගිය මාසයේ තාවකාලික ඉහළ යාමක් සමඟ දැන් පහළ තනි ඉලක්කම් දක්වා පහත වැටී ඇති බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහන යටතේ නව මුදල් නිර්මාණය කිරීමෙන් රජයේ අයවැය හිඟයට මුදල් සැපයීම නවතා ඇති බව ඔහු අවධාරණය කළේය.

ප්‍රතිපත්ති පොලී අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුවෙ හි උද්ධමන ඉලක්කය වන සියයට 5 ට අනුකූලව තබා ඇති අතර, එය මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට අනුකූල බව ඔහු පැවසුවේය.

විනිමය අනුපාතය සම්බන්ධයෙන් ගත්විට රුපියලට වඩාත් නම්‍යශීලී වීමට ඉඩ දී ඇති අතර ආර්ථිකය සඳහා “කම්පන අවශෝෂකයක්” ලෙස ක්‍රියා කරන බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානියා පැවසීය.

“සරලව කිවහොත්, මෙයින් අදහස් කරන්නේ මුදල් ඒකකය දැඩි ලෙස පාලනය කිරීමට වඩා ගෝලීය කම්පනවලට ප්‍රතිචාර වශයෙන් චලනය වීමට ඉඩ දී ඇති බවයි. එවිට මැද පෙරදිග ගැටුම වැනි සිදුවීම්වලින් ඇති වන පීඩනය සංචිතවලට පහර දීම හෝ හදිසි ප්‍රතිපත්ති මාරුවීම් ඇති කිරීම වෙනුවට විනිමය අනුපාතය මගින් ගනු ලබනවා” යැයි පැවසූ ඔහු මුදල් ප්‍රතිපත්තිය සහ විනිමය අනුපාතය යන දෙකටම විචක්ෂණශීලී, නීති මත පදනම් වූ ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කළේය.

ශ්‍රී මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝට අනුව ලංකාව ද තම විදේශ සංචිත නැවත ගොඩනඟමින් සිටින අතර මැද පෙරදිග ගැටුමට සම්බන්ධ අධික අස්ථාවරත්වය සුමට කිරීම සඳහා මහ බැංකුවට පියවර ගැනීමට සිදු වූ බැවින් මෑතක දී ආර්ථික වර්ධන වේගය මන්දගාමී වුව ද, සංචිත සමුච්චය කිරීම දිගටම පවතී. එසේ වුව ද, ප්‍රතිපත්තියේ සමස්ත දිශාව IMF සහ බලධාරීන් එකඟ වූ දෙයට අනුකූලව පවතින බවත්, මෙම වසරේ සහ මධ්‍ය කාලීනව උද්ධමනය සියයට 5 ක ඉලක්කයක් වටා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, වත්මන් මූල්‍ය ස්ථාවරය “පුළුල් ලෙස සුදුසු” බවත් ඔහු පැවසුවේය.

බාහිර කම්පනවලට එරෙහිව රුපියල “පළමු ආරක්ෂක මාර්ගය” ලෙස ක්‍රියා කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

“ විශේෂයෙන් ඉහළ ගෝලීය තෙල් මිල ගණන් වැනි සැබෑ ආර්ථික කම්පනවලින් රට පීඩාවට පත් වූ විට එවැනි තත්ත්වයක් අත්‍යවශ්‍යයි. එවැනි අවස්ථාවන්හිදී, විනිමය අනුපාතය ස්ථාවරව තබා ගැනීමට උත්සාහ කිරීම සහ පසුව විශාල ගැටලු ඇතිවීමේ අවදානමට ලක් කිරීම වෙනුවට සැබෑ අංශය සහ මුදල් ඒකකය හරහා යම් ගැලපීමක් සිදු විය යුතුයි” ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website