වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සූදානම්

වෙසක් උත්සවය සඳහා තම ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පැවසුවේ ය.

සියලුම පළාත් ආවරණය වන පරිදි කොළඹ කොටුවේ සිට මෙම බස් රථ යොදවා ඇති බව ප්‍රවාහන කොමිෂන් සභාව පැවසීය.

ඒ අනුව අලුත් අවුරුදු කාලසටහනට අනුව වෙසක් උත්සවය සඳහා ද බස් රථ ධාවනය වන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර වෙසක් උත්සවය සඳහා තම ගම්බිම් බලා යන ජනතාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද විශේෂ ප්‍රවාහන සේවා සංවිධානය කළ බව එහි සභාපති සජීව කනකරත්න සඳහන් කළේය.

වෙසක් කලාප කේන්ද්‍ර කර ගනිමින් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රවාහන සේවා සංවිධානය කර ඇති බව ද ඔහු පැවසුවේය.

වෙසක් උත්සවය සඳහා විශේෂ දුම්රිය ගමන් කිහිපයක් ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website