වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැඩසටහන් රැසක්

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රැසක් මැයි මස 30වන දා සිට ජුනි 02වන දා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදී පැවැත්වේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහාය ඇතිව සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයට සමගාමීව මෙම වැඩසටහන් පැවැත් වේ.

ඒ අනුව, මැයි 30වන දින සිට ජුනි 02වන දින දක්වා සෑම දිනකම සවස 6.30ට භක්ති ගීත ප්‍රසංගය ආරම්භ වන අතර, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ බැති ගී කණ්ඩායම්ද, කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය සහ ගල්කිස්ස බෞද්ධ කාන්තා විද්‍යාලය යන පාසල්වල බැති ගී කණ්ඩායම්ද ඊට සහභාගි වෙති.

මීට සමගාමීව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට ගොඩනැගිලි මෙන්ම මාර්ගද විදුලි බුබුලුවලින් ආලෝකවත් කෙරෙන අතර, වෙසක් පහන් කූඩු සහ සැරසිලිද ප්‍රදර්ශනය කෙරේ. ජනාධිපති කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කරන බත් දන්සල සහ අයිස් ක්‍රීම් දන්සල පැවැත්වීම සඳහාද සියලු කටයුතු සූදානම් කර තිබේ.

වෙසක් අසිරිය දැක බලා ගැනීමට එක්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවට ආරාධනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website