දිට්වා ව්‍යසනයෙන් පසු පේරාදෙණිය – බදුල්ල දුම්රිය මාර්ගය යථාවත් කිරීමේ ප්‍රගතිය ඔබ දැන සිටියා ද ?

දිට්වා ව්‍යසනය හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට බදුල්ල දක්වා, විශාල නායයෑම්, පස් සෝදා යෑම්, ගස් හා ගල් පර්වත පෙරළීම් සහ  පාලම් හා බෝක්කු හානිවීම් වැනි සිදුවීම් 126ක් වාර්තා වී ඇත. එයින් සුළු සිදුවීම් බොහෝමයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත යථාවත් කර ඇත.

අනෙකුත් හානිවී ඇති ස්ථාන සාමාන්‍ය තත්වයේ නොවන බැවින්, නිසි ඉංජිනේරු අධ්‍යයනයකින් තොරව යථාවත් කළ නොහැක. ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) විසින් ක්ෂේත්‍ර පරීක්ෂණ හා උපදෙස් ලබාදෙමින් අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතී.

සැලසුම් අවසන් කර ඇති ස්ථානවල යථාවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, එම කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා NBRI යටතේ ක්‍රියාත්මක වන RLVMMP ව්‍යාපෘතිය මඟින් පෞද්ගලික ඉදිකිරීම් ආයතන වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇත.

මේ වනවිට,

  • පේරාදෙණිය – ගම්පොල අතර දුම්රිය මාර්ගය යථාවත් කර අවසන්.
  • ගම්පොල – නාවලපිටිය අතර ප්‍රධාන ස්ථාන 13ක සිදුවී ඇති හානි යථාවත් කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.
  • නාවලපිටිය – කොටගල අතර දුම්රිය මාර්ගය යථාවත් කර අවසන්ව ඇති අතර, සීමිත දුම්රිය වාර ප්‍රමාණයක් මේ වනවිටත් ධාවනය කෙරේ.
  • කොටගල – නානුඔය අතර ප්‍රධාන ස්ථාන 6ක් හානි වී ඇති අතර, එයින් ස්ථාන 2ක් සඳහා NBRI ආයතනය විසින් සැලසුම් සකස් කරමින් පවතී. අනෙක් ස්ථාන දිස්ත්‍රික් ඉංජිනේරු දනුෂ්ක දසනායක මහතාගේ හා අනෙකුත් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ දැඩි කැපවීම මත යථාවත් කරමින් පවතී.
  • නානුඔය – අඹේවෙල අතර එක් ස්ථානයක් පමණක් යථාවත් කිරීමට ඉතිරිව ඇති අතර, එහි භෞතික ප්‍රගතිය මේ වනවිට 70%ක් වේ. එම ස්ථානය යථාවත් කිරීමෙන් අනතුරුව බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකි වන අතර, එය ජූනි මස අවසන් වනවිට සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

අයහපත් කාලගුණික තත්ත්වයන්, ඉදිකිරීම් අමුද්‍රව්‍ය හානිවූ ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ අපහසුතා ඇතුළු විවිධ අසීරුතා මධ්‍යයේ වුවද, බදුල්ල දක්වා දුම්රිය ධාවනය කඩිනමින් යථාවත් කර ජනතාවට සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් නැවත ලබාදීම අරමුණු කරගෙන කටයුතු සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website