රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන පුද්ගලයින්ට විශ්‍රාම වැටුපක් – සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී

රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොලබන පුද්ගලයින් සඳහා ඔවුන්ගේ සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇතැයි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල පනතෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය ආරම්භ කළ බව ද ඇය පැවසුවාය.

වර්තමානයේ පවුලක සිටින සාමාජික සංඛ්‍යාව 3.5කට පමණ අඩුවී ඇතැයිද එම දරුවන්ද අධ්‍යාපනය සදහා හෝ රැකියාවක් සදහා නාගරීකරණය වී ඇතැයි පෙන්වා දුන් කල්හාරි ද සිල්වා මහත්මිය මෙම තත්ත්වය සමග වැඩිහිටි පිරිස රැකබලා ගැනීමේ ප්‍රශ්නයක් මතුවන බව ද පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website