ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත ගැන රක්ෂණ නියාමන කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත මැයි මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පැවසුවේය.

අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

ඩිජිටල් මෝටර්රථ රක්ෂණ කාඩ්පතට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇති බවත් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමට ඒ අනුව හැකිවන බවත් මෙල් මහතා වැඩි දුරටත් පැවසුවේය.

ඕනෑම ජංගම දුරතකන සම්බන්ධතාවයකින් *1338# අංකයට ඇමතීමෙන් හෝ වාහන අංකය හෝ රක්ෂණ සහතිකයේ අංකය ඇතුළත් කිරීමෙන් අදාළ රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබා ගත හැකි බව ද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා අනාවරණය කළේය.

“ඕනෑම ජංගම දුරතකනයකින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මගින් 1338 වෙත යොමු කිරීමෙන් ද  මෙම ‌වලංගුතාවය පරීක්ෂා කළ හැකි යි. ඒ අනුව වාහන රක්ෂණය කිරීමේදී ලබා දෙන ප්ලාස්ටික් කාඩ් පත් ඉදිරියේදී නිකුත් නිකුත් කිරීමක් සිදුවෙන්නේ නැහැ” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website