IMF පස්වන සහ හයවන ණය වාරික ලබන සතියේ ලංකාවට ලැබෙන බවට ඉඟි පළවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ සලකා බැලීමට නියමිත බව IMF ආසියා-පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය වසර කිහිපය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, සංචිත නැවත ගොඩනැගීම සහ විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා “සැලකිය යුතු ප්‍රගතියක්” ලබා ඇති බවත් ඔහු පැවසුවේය.

ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට යන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීප සම්බන්ධතාවයක් අඛණ්ඩව පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රීනිවාසන් මහතා පැවසීය.

රජයේ මෙම උත්සාහයන් මහජනතාව, ආයෝජකයින් සහ කොටස්කරුවන් විසින් හඳුනාගෙන ඇති බවත්, ආර්ථිකය “ශක්තිමත් පදනමක්” මත තැබීමට උපකාරී වන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මෑතකාලීන ආැ්ථික අභියෝග බොහෝ ආර්ථිකයන් මුහුණ දෙන අභියෝගවලට සමාන නව පීඩන ඇති කර ඇති බවත් ශ්‍රීනිවාසන් සඳහන් කළේය.

“මෙම කම්පන මඟ හැරීම කිසි විටෙකත් සරල නැත, නමුත් අද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත්” ඔහු පැවසීය.

ස්ථාවර ප්‍රතිපත්ති දිශාවක් පවත්වා ගැනීම සහ වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමට ආර්ථිකයට ඉඩ දීම ප්‍රගතිය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව ද ශ්‍රීනිවාසන් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website