2026 ජනවාරී 01 සිට මැයි 15 දක්වා වනඅලි මරණ 128ක් සහ මිනිස් මරණ 35ක්

2026 වසරේ ජනවාරී 01 දා සිට මැයි 15 වැනිදා දක්වා කාලය තුළ වන අලි මරණ 128ක් සහ වනඅලි ප්‍රහාර හේතුවෙන් මිනිසුන් 35 දෙනකු ද මිය ගොස් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර කලාපයෙන් වාර්තා වී ඇති අතර, පොළොන්නරුව සහ අනුරාධපුර වනජීවී කලාපවල ද මරණ වාර්තා වී ඇත.

වැඩිම වන අලි මරණ ප්‍රමාණයක් (20) වාර්තා වී ඇත්තේ වෙඩි තැබීම්වලින් වන අතර විදුලි සැර වැදීමෙන් වන අලි මරණ 15ක්, “හක්කා පටස්” හේතුවෙන් මරණ 10ක් සහ වගා ළිංවලට වැටීමෙන් පස් දෙනෙකු මිය ගොස් ඇත.

විෂ වීම, දුම්රිය ගැටීම, දියේ ගිලීම සහ වෙනත් අනතුරු හේතුවෙන් වන අලි මරණ 78ක් සිදුවී ඇති බව ද දෙපාර්තමේන්තුව තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website