
ප්‍රමුඛ පෙළේ ගෝලීය ව්‍යාපාරික ප්‍රවෘත්ති වේදිකාවක් වන Bloomberg විසින් ඊයේ (20) Sri Lankan Rupee Weakness Intensifying Due to Speculation, Official Says යන ශීර්ෂ පාඨය යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා රුපියල මේ මාසයේ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස හඳුනාගෙන තිබේ.
මෑත දිනවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති බවත්, මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය විය හැකි බවට බලධාරීන් අනතුරු ඇඟවූ බවත් වාර්තාවේ සඳහන් විය.














