රණවිරු සැමරුම් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට උසස්වීම්

මැයි 19 වන දිනයට යෙදෙන 17 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් ලබා දුන් බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website