ලෝක පරිසර දිනයට ශ්‍රී ලංකාව සූදානම් – ‘දළුලන්න ඉඩදෙන්න’ තේමාවෙන් දිවයින පුරා ප්‍රායෝගික වැඩසටහන් රැසක්

2026 ලෝක පරිසර දිනය  54 වන වරටත් ජුනි මස 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශ පවසයි.

මෙවර  ලෝක පරිසර දිනයේ තේමාව  ‘Urgent Climate Action’ට සමගාමීව “දළුලන්න ඉඩදෙන්න” යන තේමාව දිවයින පුරා ප්‍රායෝගික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පරිසර අමාත්‍යාංශය පැවසුවේය.

 2025 වසරේදී ලබා දුන් පාරිසරික පොරොන්දු ප්‍රායෝගිකව සාර්ථක කර ගනිමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම මෙවර වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව මැයි 30 සිට ජුනි 05 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම සතිය තුළ පවිත්‍රතා වැඩසටහන්, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්ව සංරක්ෂණය, ජල සුරක්ෂිතතාව, වෙරළ පවිත්‍ර කිරීම සහ ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දෛනික වැඩසටහන් සංවිධානය කර ඇත.

මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කර ඇති බව ද පරිසර අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website