
පුද්ගලික පරිහරණය සඳහා ගෙන්වන වාහන සඳහා මාස තුනක කාලයක් සඳහා අතිරේක බදු පැනවීමට කටයුතු කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය.
මෙම තීන්දුවේ අරමුණ පුද්ගලික වාහන ආනයනය මාස තුනක කාලයක් ප්‍රමාද කිරීම බවත් මෙම බදු සංශෝධන මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා අදාළ නොවන බව ද ඔහු අවධාරණය කළේය.
මැයි 15 වැනිදාට පෙර ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා පෙර පැවති බදු අනුපාත යටතේම ආනයනය කිරීමට අවසර ලබා දි ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම තීරණය මඟින් වාහන මිල ඉහළ නැංවීමක් සිදු නොවන බවත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා වාහන ගෙන්වීමට ඉඩ සලසමින් අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයන් වැළැක්වීම මෙහි අරමුණ බව ද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පැවසුවේය.
මේ වනවිට වාහන ආනයනයේදී පනවා ඇති 30%ක තීරු බද්දෙන් 50%ක්, එනම් 15%ක අතිරේක බදු වැඩිවීමක් සිදුවන බවත්, එය වාහන මිල 50%කින් ඉහළ යාමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
දේශීය ආදායම් පනතට එක් කළ නව සංශෝධන පිළිබඳව අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේය.















