මුලින්ම ටිල්වින් සිල්වා ගල් අඟුරු කොමිෂම හමුවට කැඳවන්න – චම්පිකගෙන් ගල් අඟුරු කොමිෂමට අභියෝගයක්

ගල් අඟුරු කොමිෂම ස්වාධීන කොමිෂන් සභාවක් නම් මුලින්ම ටිල්වින් සිල්වා කැඳවලා, ඔහුට දඬුවම් දීලා වැඩ ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කොමිෂමේ තීන්දුව ලියවිලා නම් තියෙන්නේ අනෙක් අය ගැන කතා කරලා වැඩක් නැති බවයි.

චම්පික රණවක මහතා මෙසේ ද පැවසුවේය, “මේ වගේම මේ අවස්ථාවේදී කියන්න ඔ්නි, ඔය කාරණය ගැන අපේ ගරු ටිල්වින් සිල්වා මැතිතුමා ප්‍රකාශයක් කළා. (චම්පික ටිල්වින් සිල්වාගේ කතාවක් ජංගම දුරකථනයෙන්  ධාවන කර පෙන්වයි) අන්න අපේ ටිල්වින් සිල්වා මහත්තයා නඩු අහනවා. ඔහු මොකක්ද කියන්නේ ?, අනුර කුමාර දිසානායක පත්කරනවා 2008 සිට මේ දක්වා ගෙනාපු ගල් අඟුරු පිළිබඳ සොයා බලන්න විශේෂ ජනාධිපති කොමිෂමක්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්, ඒ වගේම අභියාචනාධිකරණ විනිසුරුතුමෙක් සහ මහාධිකරණ විනිසුරුතුමෙක් කියන විනිශ්චයකාරවරු තුන් කට්ටුවකගේ මූලිකත්වයෙන්. හය මාසයක් කල් දෙනවා මේ පිළිබඳව හොයන්න. ටිල්වින් සිල්වා මහත්තයා කියනවා මාස තුනෙන් තීන්දුව එනවා, අපේ කට්ටිය නිදහස් වෙනවා, අනෙක් කට්ටිය හිරගෙට යනවා කියලා. හොඳයි නේද ?.

දැන් මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ආත්ම ගෞරවයට පමණක් නොවෙයි, මේ රටේ විනිශ්චයකාරවරුන්ට තිබෙන නිදහස් බලය ප්‍රශ්න කිරීමක් තමයි එක ඡන්දයක් නොලැබුණ මේ පුද්ගලයා කරලා තියෙන්නේ. ඒ නිසා මේ ගල් අඟුරු කොමිෂමේ ඉන්න ගරු කටයුතු විනිසුරුතුමන්ලා ස්වාධීන විනිශ්චය සභාවක් නම් මුලින්ම ඔහුව කැඳවලා, මොහුට දඬුවම් දීලා පටන් ගන්න ඔ්නෑ, අපේ සාක්ෂි අහන්න කලින්. මොකද මේකේ තීන්දුව ලියවිලා නම් තියෙන්නේ අනෙක් අය ගැන කතා කරලා වැඩක් නැහැ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website