පිළිතුරු කතාව: ගල් අඟුරු ආනයනයේ දී අනීතික කිසිවක් සිදුවො නෑ – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

විගණකාධිපති නිර්දේශ සහ පාර්ලිමේන්තුවේ, රජයේ මුදල් කාරක සභාව විසින් ලබා දුන් ප්‍රතිපත්තිමය උපදෙස් අනුව ගල් අඟුරු ආනයනයට කටයුතු කර ඇති බව අදාළ නිර්දේශ සහ මාර්ගෝපදේශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ගල් අඟුරු සැපයුම්කරුවන් තෝරා ගන්නා ලද්දේ එම නිර්දේශයන්ට අනුව බවද ඇමැතිවරයා විස්තර සහිතව පාර්ලිමේන්ත්වුට කරුණු පැහැදිලි කළේ ය.

ඒ ඊයේ (20) ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ බලශක්ති අමාත්‍යවරයා, “මේක ප්‍රසම්පාදනයේවත් කිසි ම විදිහකින් සැපයුම්කරුවෝ වෙනස් කිරීමේ ක්‍රමවේදයක් හෝ ඒගොල්ලන්ට ෆේවර් කරලා අපි කරලා නැහැ. අපි ඕන වෙලාවක ඩිෆෝල්ට් කරන්න පුළුවන් නම් අපි ඒ වෙලාවට ඩිෆෝල්ඩ් කරනවා. එහෙම ඇරෙන්න අනීතිකව කිසි ම දෙයක් අපිට කරන්න බැහැ, නීත්‍යනුකූලව අපි වැඩ කරන්නේ”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website