
කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යවමින් ගල් අඟුරු මිල දී ගෙන ඇති බවත්, ඊට සම්බන්ධ වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.
නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපති නිර්දේශ මත පාර්ලිමේන්තුවේ, රජයේ මුදල් කාරක සභාව විසින් ප්‍රතිපත්තිමය උපදෙස් සපයා තිබිය දී රජයේ මාර්ගෝපදේශ ඇතුළු මූලික අවශ්‍යතා උල්ලංඝනය කරමින් වත්මන් රජය ගල් අඟුරු ආනයනය කර ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ එස්.එම් මරික්කාර මෙසේ ද පැවසුවේය, “”ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා මේ ටෙන්ඩර් එක දාද්දී විගණකාධිපතිවරයා විසින් 2022.09.20 වෙනි දා දීලා, රාජ්‍ය මුදල් කාරක සභාව විසින් 2022.10 වෙනි මාසේ 4 වෙනි දා අනුමත කරලා පාර්ලිමේන්තුවට ලබා දීපු දත්ත අනුව ක්‍රියා කළේ නැහැ. 2022 පෝලිම් තියෙනකොට, කරන්ට් කපනකොට හදිස්සි මිල දී ගැනීම් සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදයන් පාවිච්චි කරලා තියෙනවා. නෝමර්ලයිස් ක්‍රමවේදයක් තුළ විගණකාධිපතිවරයා පාවිච්චි කරන්න උපදෙස් ලබා දීලා තියෙද්දී ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් අවුරුදු තුනක් ඇතුළත සප්ලයි කරන්න ඕන කියලා තියෙන එක 5ට අඩු කෙරුවා. කිලෝ කැලරි 5,900ට වැඩි ප්‍රමාණයක් ගේන්න ඕන කියන එකේ අත්දැකීම ලක්ෂයට අඩු කෙරුවා. ඒ හරහා මොකක් ද කෙරුවේ දූෂිත සමාගම්වලට මේක ඇතුළට එන්න අවස්ථාව ලබා දුන්නා. පළවෙනි නැව එන්න ඕනේ දෙසැම්බර් මස 14 වෙනි දා, හැබැයි මා දන්නා තරමට පළවෙනි නැව ආවේ දෙසැම්බර් මාසේ 30 වෙනි දා. පළවෙනි නැව ආවා ම පටවන වරායේ ඉඳලා රිපෝර්ට් එකක් එන්න ඕනේ.
“ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගල් අඟුරු පටවන රටෙන් නැතිව, දකුණු අප්‍රිකාවෙන් පැටෙව්වේ, රිපෝට් එක එන්නේ ඉන්දුනීසියාවෙන්. ඉන්දුනීසියාවට යවපු සාම්පල් මේ පටවපු එකේ සාම්පල් ද කියලා අපේ කමිටුවේදිවත් පිළිගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පළමු නෞකාවෙන් ගෙන ආ ගල් අඟුරු ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලදී අසමත් වුණා. ඉන් පසුව අනතුරු අඟවා තිබියදී ගෙන්වන ලද දෙවන ගල් අඟුරු නැව ද අසමත් වුණා. දෙවෙනි නැව එද්දී අපි කිව්වා මේක ෆේල්, එතකොට පැනලා කිව්වා ‘එහෙම නෑ, එහෙම ෆේල් නෑ’ කියලා. ෆේල් නම් ‘අපි දඩ ගහනවා’ කිව්වා. දඩ ගහනවා කියලා එහෙම එකක් නැහැ කොහෙවත්. පළවෙනි නැවෙන් මිලියන 595.1යි. ඒකට 644ක් අය කරගෙන තියෙනවා. දෙවෙනි නැවෙන් මිලියන 288.5යි, තුන්වෙනි නැවෙන් මිලියන 1047.4යි, හතරවෙනි නැවෙන් මිලියන865යි. පස්වෙනි නැවෙන් මිලියන 1444.2යි. හයවෙනි නැවෙන් මිලියන 1197.7යි, හත්වෙනි නැවෙන් මිලියන 974.9යි, අටවෙනි නැවෙන් මිලියන එක්දාස් පන්සීය පනස් නමයයි දශම දෙකයි 1559.2යි. මේ මම කියන ඒවා නෙමෙයි විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා අත්සන් සහිතව විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඔෆිස් එකෙන් එවපු එක.
ලක්විජය බලාගාරයට අනුව ගල් අඟුරු වාර්තා අසමත් වුව ද ඉන්දීය සමාගමෙන් ලබා ගන්න ලද වාර්තා සමත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ කූඨ ලේඛන සකසා ඇති බව අපට සැකයි. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය මගින් ලක්විජය බලාගාරය අක්‍රමණ්‍ය විය හැකියි. ඒ වගේම මාර්තු මාසේ ඉඳලා තියෙන්නේ මේ ටෙන්ඩරේ බාල ගල් අඟුරු. දිගින් දිගට ම පාවිච්චි කළොත් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය ජනනය කරන්න බැරි වුණා ම අනිවාර්යෙන් ම එක්කෝ කරන්ට් කපන්න ඕනේ, එහෙම නැතිනම් ඩීසල් මාෆියාවෙන් විදුලිය මිල දී ගන්න ඕනේ. මෙවැනි පසුබිමක් තුළ විදුලි බිල වැඩි කිරීමට සිදුවිය හැකියි. පිරිවැය දරා ගැනීම සඳහා ලු ගාණ වැඩි කරන්නේ. පිරිවැය කොහෙද හොරකම දරා ගැනීම සඳහා බිල වැඩි කිරීම සඳහා සෙට් වෙන්නේ මේ ආණ්ඩුව. කිව්වේ කොහොම ද තුනෙන් එකකින් කරන්ට් එක අඩු කරනවා කියලා”එස්. එම්. මරික්කාර් මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.













