ප්‍රදේශ රැසක ප.ව. 01.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප. ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website