පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9:30 ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන කියවීම අද විවාදයට ගැනීමට නියමිත අතර විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ රෙගුලාසි තුනක් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට නියමිතය.
මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ රෙගුලාසියක් ද අද පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.











