ගවයින් බැඳීමට බෙරගල රක්ෂිතයට ගිය කාන්තාව ඝතනය කරලා

මහඔය – බෙරගල රක්ෂිතයේ දොළ පාරක් අසල තිබී ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමු වූ බව මහඔය පොලිසිය පවසයි.

මහඔය පොලිසිය පවසන ආකාරයට මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙම කාන්තාව පෙරේදා (23) දිනයේ ගවයින් බැඳීම සඳහා මෙම රක්ෂිතයට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සොයා බැලීමක දී මෙම මළසිරුර හමුවී ඇත.

ඝාතනයට හේතුව හා ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පවසන මහඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website