පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටින බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද (16) හලාවත සුදසුන ශාලාවේ දී “සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලි අනාගත පරපුරක්” යන තේමාවෙන් පැවති ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂය මාලා රාමුව පිළිබඳ පුත්තලම් දිස්ත්‍රික් පෙර පාසල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය
















