අලි ඇතුන්ට මෙන්ම වෙනත් සත්ත්ව විශේෂ රැසකට ගැළපෙන ලෙස වාසස්ථාන සුපෝෂණය කිරීමේ වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. 2025 වර්ෂයට අදාළ වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුවල ප්‍රගති සමාලෝචනය මෙහිදී සිදුවිය.
අලි මිනිස් ගැටුම සහ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ස්වභාවික යටිතල පහසුකම් සපයන ආයතනයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමාජගත වී ඇති නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජාතික වනජීවී ප්‍රතිපත්තිය ඉන් ඔබ්බට පැතිරුණු ප්‍රතිපත්තියක් බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මහතා සඳහන් කළේය.
ජාතික වනජීවී ප්‍රතිපත්තියේ මූලිකම ඉලක්කය වනුයේ වනජීවී සම්පත් සංරක්ෂණය, ඒ සම්බන්ධ පර්යේෂණ කටයුතු දිරිමත් කිරීම, සංරක්ෂණ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම සහ ධරණීය ආකාරයෙන් වනජීවී සම්පත භාවිතා කිරීම සම්බන්ධව මෙන්ම වනජීවී සම්පත මගින් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ අයුරින් සමාජයේ බෙදාහදා ගැනීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජෛව විවිධත්ව සංරක්ෂණය, ජෛව පද්ධති වලින් කරන සේවා ස්ථාවරව පවත්වා ගැනීම, දේශීය සහ ලංකාවට ආවේණික සතුන් ආරක්ෂා කරගැනීම වැනි විෂය ක්ෂේත්‍ර රාශියක් තුළ තම දෙපාර්තමේන්තුවට කටයුතු කිරීමට සිදුවී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම සම්බන්ධ නොවුණ ද අද වන විට අලි මිනිස් ගැටුම දෙපාර්තමේන්තුවේ කාර්යයභාරයක් වී ඇතැයි ද දෙපාර්තමේන්තුව කරන අනෙකුත් කාර්යය භාරයන් මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් යටපත් වී ඇතැයි ද වනජීවී අධක්ෂ ජනරාල්වරයා මෙහිදී අනාවරණය කළේය.











