සයිබර් අපරාධ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති කළ හෙළිදරව්ව

සයිබර් අපාරාධ පිළිබඳ පැමිණිලි කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලීසියට සයිබර් මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි 5634 ක් වාර්තා වී තිබෙන බවත් දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක් පමණ වාර්තා වන බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

“විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් මෙම සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා වෙනවා” අමාත්‍යවරයා පැවසුවේය.

ඉදිරියේදී පළාත් රැසක් ආවරණය වන පරිදි පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කර පළාත් මට්ටමින් විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බව ද සයිබර් අපාරාධ පිළිබඳ පැමිණිලි කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website