
හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය අංශයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.











