2026 -T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ රථවාහන සැලැස්ම

2026.02.07 වන දින සිට 2026.03.08 දින දක්වා පැවැත්වෙන 2026 –T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය හා කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තරඟ නැරඹීම සඳහා දේශීය හා විදේශිය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් තරඟ පැවැත්වෙන දිනයන්ට අදාළව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇත. ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තරඟ වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පහත පරිදි ය.

අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරන මාර්ග 

  • වින්සන් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රීටෝ බබාපුල්ලේ පාලම පෙදෙස හන්දියෙන් බබාපුල්ලේ දෙසට ඇතුල්වීම.
  • බබාපුල්ලේ පාලම අසලින් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම
  • සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩංගනය දෙසට ඇතුළු වීම.
  • අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
  • මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගනය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
  • සද්ධර්ම මාවත පන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු වීම.
  1. 2026.02.08, 15 හා 19 යන දිනයන්හි ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පිළිවලින් ශ්‍රී ලංකාව හා අයර්ලන්ත තරඟය, ඉන්දියාව හා පකිස්ථානය අතර තරඟය හා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරඟය පැවැත්වෙන අතර එම දිනයන්හි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරමින් විශේෂ ප්‍රවාහන සේවයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව මෙම තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පැමිණෙන රථවාහන ගාල් කිරීමට ක්‍රීඩාංගන භූමියේ රථගාල, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මැටිපාක් රථගාල, සූදානම් කර ඇති ඇත. විශේෂ ප්‍රවාහන සේවය පැරණි MOD රථගාල හා පෝට්සිටි (Port city) රථගාල සිට ක්‍රියාත්මක වේ.
  2. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වෙන 2026.02.11, 13, 21, 25 හා 27 යන අනෙකුත් දිනයන්හි සාමාන්‍ය පරිදි ක්‍රීඩාංගනය වටා ඇති රථගාල් වල රථ ගාල් කිරීම සඳහා කටයුතු සැලැසුම් කර ඇත. ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් රථගාල, සතොස රථගාල, සෙබස්තියන් ඇල රථගාල, කෝවිල පාර, ඇපල් වත්ත, අඩි 100 පාර දෙපස රථගාල් කිරීමට පහසුකම් සපයා ඇත.

SSC ක්‍රීඩාංගනය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම.

SSC ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වෙන 2026.02.07, 09, 10, 14 හා 18 යන දිනයන්හි අවස්ථානුකූලව පහත මාර්ඟයන්හි රථවාහන ගමනාගමනය සීමා කරනු ලබයි.

  1. රාජ්‍ය පරිපාලන හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම.
  2. මෙට්ලන්ඩ් පෙදෙස විද්‍යා මාවත හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම.
  3. විද්‍යා මාවත විජේරාම හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම.

මෙම SSC  ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා පහත රථගාල් වෙන්කර ඇත.

  • SSC ක්‍රීඩාංගන රථගාල
  • SSC ක්‍රීඩා සමාජ රථගාල

iii. කොළඹ මහනගර සභාවට අයත් නිදහස් මාවත රථගාල, පදනම් ආයතන මාවත රථගාල, CR&FC රථගාල

iv. ක්‍රීඩා අමාත්‍යංශයට අයත් පරණ මැක්ඩොනල්ඩ් රථගාල

v. රූපවාහිනී රථගාල

vi. BMICH රථගාල

T- 20 ලෝක කුසලාන තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධරයන් 1500 ක ප්‍රමාණයක් සහ රථවාහන නිලධරයන් 600 ක ප්‍රමාණයක් යොදවා ඇත.

පහත කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමුකල යුතුය.

  • ක්‍රීඩා භූමිය තුලට විශාල ප්‍රමාණයේ ගමන්මළු, විදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන ඒම තහනම් වනු ඇත.
  • ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි නිලධාරීන් හා පොලිස් නිලධාරීන් යොදවා ප්‍රේක්ෂක ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website