ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස රජීව් අමරසූරිය යළි පත් වෙයි

2026/2027 කාලය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට නීතිඥ රජීව් අමරසූරිය මහතා නැවත නිතරඟයෙන් තේරී පත් විය.

ලබන මාර්තු 28 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වන වාර්ෂික සමුළුවේ දී ඔහු විධිමත් ලෙස ඇතුළත් කර ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරී මණ්ඩල නිලවරණයේ ප්‍රතිඵල තේරීම් නිලධාරී, සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සමංගමයේ හිටපු භාණ්ඩාගාරික නීතිඥ නලින් චන්දික ද සිල්වා මහතා ද 2026/2027 කාලය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධුරයට නිතරගයෙන් තේරී පත් විය. ඔහු ද සංගමයේ 2026 වාර්ෂික සමුළුවේ දී වසර දෙකක ධුර කාලයක් සම්පූර්ණ කරන වත්මන් ලේකම් නීතිඥ චතුර ගල්හේන මහතාගෙන් පසුව පත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website