ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විද්වතාණන් දිවි සැරිය නිම කරයි

සමාජ අසාධාරණයන්ට එරෙහිව නිර්භීතව අදහස් පළ කළ විද්වතෙකු හා කලක් ඇත්තපුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සහෘදයා සිය දිවිසැරිය නිම කර තිබේ.

හෘද සාක්ෂියට එකඟව භාෂණයේ හා අදහස් ප්‍රකාශනයේ යෙදුණ විද්වතෙකු වූ ආචාර්ය ප්‍රනාන්දු, කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් සිටිමින්ම, කතුවරයෙකු ලෙස කොමියුනිස්ට් පක්ෂයේද සහය ලැබූ ‘රාජපක්ෂ රෙජීම් ආණ්ඩුවේ’  කටයුතු  සිය පුවත් පත මගින් තදබල  ලෙස විවේචනය කළේය.එම විවේචනාත්මක මාධ්‍ය භාවිතය නිසා පක්ෂය සමග දැඩි මතභේද ඇති කරගනිමින් පක්ෂයත්, පත්තරයත් යන දෙකම අත්හැර දැමීමටද ඔහුට සිදු වුවත් ඔහු කිසිවිටෙකත් ඔහුගේ සෘජු පිළිවෙත් වෙනස් කරගත්තේ නැත.

දුරස්ථකරණ රීතිය රංගනයට හඳුන්වාදුන් විශ්ව කීර්තිධර නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නිර්මාණ ලාංකීය වේදිකාවට බලපා ඇති ආකාරය විමසමින් සිය ආචාර්ය උපාධිය සඳහා The Sinhala stage and Bertolt Brecht කෘතිය සම්පාදනය කළ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පේරාදෙණිය සරසවියේ ලලිත කලා අංශයේ හිටපු ආරම්භක පීඨාධිපති වරයාය.

කලක් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ විශේෂඥ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළ ඔහු  සිංහල, පාලි, ඉංග්‍රීසි හා ජර්මන් යන සිව් භාෂාවන්හි ප්‍රාමාණිකයෙකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website