Davos හි නිල සංචාරය අතරතුර අග්රාමාත්ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්ත ව්යාපාරික ප්රජාවේ සාමාජිකයින් හමු වූ අතර ඔවුන් සමඟ ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා, වෙළඳපොළ ප්රවේශය සහ ක්ෂේත්ර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වූවාය.
මෙම හමුවේදී ශ්රී ලංකාවේ ප්රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ස්ථායි, ඉදිරි දැක්මක් සහිත, විනිවිදභාවයකින් යුතු ආර්ථික ප්රතිපත්ති තුළින් විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වුණේය.















