T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම ගැන බංග්ලාදේශය සිය අවසන් තීරණය දැනුම් දෙයි

බංග්ලාදේශය විස්සයි20 ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට නොපැමිණෙන බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් wo (22) පැවසුවේය.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම දැනුම් දීම සිදු කළේය.

බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී ලෝක කුසලානය සඳහා ක්‍රීඩා නොකරන බවත් ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් වාර්තාකරුවන්ට පැවසුවේය.

“ICC යෙන් අපට යුක්තිය ඉටු වෙලා නැහැ. ICCය අපේ ආරක්ෂක ගැටලු සලකා බලා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අපගේ ඉල්ලීම පිළිගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසීය.

යටත් වීමේ සහ මහජන ආරක්ෂාව අනතුරේ හෙළීමේ අවදානම බැරෑරුම් ලෙස සැලකිය යුතු බව ඔහු පැවසීය. ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමා පෞද්ගලිකව කතා කළ බවත් ඔහු පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website