මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් ඉඩමකින් සොයාගත් ගල ලැබ්‍රඩෝරයිට් / Labradorite වර්ගයක් ලෙස හඳුනාගෙන ඇති අතර එයට වාණිජ වෙළඳපොළ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද වාර්තාව පවසයි.
ලැබ්‍රඩෝරයිට් සාමාන්‍යයෙන් නිල් පැහැයකින් සංලක්ෂිත වේ. මෙම ගල වෙනත් පර්වතයක් තුළ තැන්පත් කර ඇති ලැබ්‍රඩෝරයිට් කුඩා නිධියක් බව වාර්තාවේ සඳහන් වේ.
ලැබ්‍රඩෝරයිට් යනු ෆෙල්ඩ්ස්පාර් වර්ගයක් වන අතර එහි ඛනිජ ගුණාංග හඳුනාගත හැකිය.












