පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කළ වාර්තාවට අනුව 2025.10.30 දින සිට 2026.01.13 දින දක්වා කාලය තුළ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව සිදුකරන ලද සමස්ත වැටලීම් ගණන 69,960 කි.
මේ යටතේ සැකකරුවන් 69,318 දෙනෙක් අත්අඩංගවට ගෙන ඇත. ඉන් රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 1,446කි. සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධව මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට පත්ව මේ වන විට පුනරුත්ථාපනයට යොමු කළ පිරිස 1,384 දෙනෙකි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා ඇතිවන සෞඛ්‍ය, සමාජ හා ආර්ථික පරිහානිය වළක්වමින් සමාජ සුරක්ෂිතභාවය ඇති කිරීම වෙනුවෙන් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ












