
2026 අයි.සී.සී. පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වන තරඟ සඳහා වූ තරඟ ප්‍රවේශපත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07 දා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරඟය ආරම්භ වීමට පෙර, කණ්ඩායම් දෙකේ නායකයින් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
2026 පෙබරවාරි 7 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන කණ්ඩායමේ පළමු ලෝක කුසලාන තරඟය සඳහා වූ ප්‍රවේශපත, පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් ආගා වෙත පිරිනමන ලදී.
එසේම, 2026 පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RPICS) අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලෝක කුසලාන තරඟය සඳහා වූ ප්‍රවේශපත, ශ්‍රී ලංකා නායක දසුන් ශානකට පිරිනමන ලදී.
මෙම තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙසින් කටයුතු කරනු ලබන හිටපු පාකිස්තානු නායකයකු වන ආමීර් සොහේල් සහ හිටපු ටෙස්ට් ක්‍රීඩක රසල් ආර්නෝල්ඩ් විසින් පිළිවෙලින් එම ප්‍රවේශපත්අ අදාළ නායකයින් වෙත භාර දෙන ලදී.
පෙබරවාරි මස 07 වැනිදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන්වෙන 2026 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ප්‍රවේශපත් Tickets.CricketWorldCup.com යන වෙබ් අඩවියට ගොස් මිලදී ගැනීමට හැකියාව ඇත.
මූලාශ්‍රය – srilankacricket.lk














