අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතා කරන අපරාධ වාර්තා කිරීමට පොලිසියෙන් දුරකථන අංක තුනක්

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් වංචා සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණලිවල වේගවත් වර්ධනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති අතර එම අපරාධ මර්ධනය කිරීම සඳහා විශේෂ හා දැඩි පියවර ගන්නා බව ද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ජනතාවට සිය පැමිණිලි යොමු කිරීම සඳහා දුරකථන අංක තුනක් ද පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව සියලුම පැමිණලි, පරිගණක අපරාධ විමර්ශන අංශය,

නියෝජ්‍ය අධ්‍යක්ෂ – 011 2300638

පුද්ගලික සහකාර – 011 2381375

ස්ථානාධිපති – 011 2381058

වෙත යොමු කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website