නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැකකරන වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙක් වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක කුටියක් තුළ මිය ගොස් සිටිය දී සොයා ගෙන ඇති අතර එහි සේවය කළ තවත් තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.
මෙම ප්‍රදේශයේම පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඉන් දෙදෙනෙකු මියගොස් ඇති අතර එම ඇඹරුම්හල ආසන්නයේම තවත් නිවසක පුද්ගලයෙකු ද අද පෙරවරුවේ අභිරහස් ලෙස මිය ගොස් ඇත.
මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.












