ඊයේ (05) සවස් කාලයේ ජාඇල පොලිස් වසමේ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ රුක්මණී දේවී හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ ප්‍රයිමුවර් රථයක් එම දෙසටම ඉදිරියෙන් ගමන් ගත් පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකරු ප්‍රයිමූවර් රථයට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 43 ක් වූ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ප්‍රයිමුවර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












