1 සහ 6 ශ්‍රේණි හැර නව වසරේ පළමු පාසල් වාරය අද (05) ඇරඹේ : සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය මෙන්න !

2026 නව වසරේ පළමු පාසල් වාරය අද (05) ආරම්භ වන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ  6 ශ්‍රේණිය සිසුන් සඳහා පාසල් ලබන 21 සහ  පළමු ශ්‍රේණිය සදහා නව පාසල් වාරය ලබන 29 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සිංහල හා දෙමළ පාසල් සඳහා පසුගිය දෙසැම්බර් 22 වන සඳුදා දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද තෙවන පාසල් වාරය අවසන්  වූ අතර, රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු 2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය පසුගිය ජනවාරි 2 වන දින නිකුත් කෙරිණි.

ඒ අනුව,

  •  2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 – ප.ව 1.30 ලෙස නොවෙනස් ව පවතියි.
  •  6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7 කි.
  • එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45 ක් වෙන් කෙරේ.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී  ක්‍රියාත්මක වේ.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි   21 වන දින ආරම්භ වීමට නියමිත ය.
  • 1ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වන දින ආරම්භ වන අතර විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වන දින වේ.
  • 1ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.
  •  අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වන විට බෙදා අවසන් කර ඇත.
  • 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website