අක්කරපත්තුව පොලිස් වසමේ පෙරියපල්ලකාඩු ප්රදේශයේ ගල්ඔය ගඟේදී ඊයේ (04) කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බවට අක්කරපත්තුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදන් අය වයස අවුරුදු 37 ක් වූ ඔළුවිල් 01 ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටියදී මෙලෙස කිඹුල් ප්රහාරයට ලක්ව ඇති බවට මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අතුරුදන් වූ අය සොයා පොලිස් නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්, සමන්තුර වනජීවි නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති අතර අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












