කොහුවල බෝධියාවත්ත වෙඩි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලයි

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධව කොහුවල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතන බවත් පොලිසිය පවසයි.

මෙම අපරාධය සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු හඳුනා ගැනීමෙන් පසු එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවම් කර ඇත. ඒ අනුව සිතුවමෙහි දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දුරකථන අංක –

  • ස්ථානාධිපති / කොහුවල පොලිස් ස්ථානය – 071 – 8591669
  • ස්ථානාධිපති / අපරාධ විමර්ශන අංශය – 071 – 4146727

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website