උත්සව සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

උත්සව සමය වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් (Galle Face) සහ පෝට් සිටි (Port City) පරිශ්‍රයන් වෙත පැමිණෙන අති විශාල ජනකායකගේ ආරක්ෂාව සහ පහසුව තහවුරු කිරීමේ අරමුණින් විශේෂ මහජන උපකාරක මධ්‍යස්ථානයක් මේ වන විට ස්ථාපිත කර තිබේ.

කොළඹ කොටුව, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් හා ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය ආරක්ෂක සහාය ලබාගත හැකි අතර, ඊට අමතරව පිරිසිදු පානීය ජල පහසුකම් සහ හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන මූලික වෛද්‍ය පහසුකම්ද මෙහිදී සපයා තිබීම විශේෂත්වයකි.

ඕනෑම හදිසි අවස්ථාවකදී මෙම මධ්‍යස්ථානය වෙත පැමිණ හෝ පහත දුරකථන අංක ඇමතීමෙන් සහාය ලබා ගත හැක:

මධ්‍යස්ථාන ක්ෂණික ඇමතුම් අංකය: 071-859 5880

ස්ථානාධිපති – කොටුව පොලිසිය: 071-859 1560

ජනතාවට බියකින් හෝ සැකයකින් තොරව උත්සව සමය විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website