බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ ක්ෂණික විමර්ශන මගින් ජංගම දුරකථන 113ක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 850ක් ඇතුළු බන්ධනාගාරය තුළ රැඳවියන්ට භාවිතා කිරීම තහනම් කර ඇති ද්‍රව්‍ය ලැයිස්තුවක් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (27) ප්‍රකාශයට පත් කළේය.
2025 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 26 දක්වා පොලිස් විශේෂ කාර්ය බළකාය බූස්ස බන්ධනාගාරයේ සිදු කරන ලද ක්ෂණික විමර්ශන සැසි මගින් සොයා ගෙන අත්අඩංගුවට ගත් බන්ධනාගාරය තුළ භාවිතා කිරීම තහනම් කර ඇති දේපළ ප්‍රමාණය පහත දැක්වේ.













