දිවයින පුරා ඊයේ (26) තැන තැන සිදුවූ ත්රිරෝධ රථ සහ යතුරුපැදි අනතුරුවලින් දරුවෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් මරණයට පත්ව ඇති බව පොලිස් රථවාහන කොට්ඨාශය පවසයි.
මෙම සියලුම අනතුරු අධික වේගය පාලනය කරගත නොහැකිව අදාළ රථය මාර්ගයෙන් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් සිදු වීම ද විශේෂත්වයකි.
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්රදේශයේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ 14 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. ඊයේ (26) අළුයම මෙම අනතුරු සිදුව ඇත.
වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී සිදවී තිබූ අනතුරකින් යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා සහ පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර 21 හා 25 යන වයස්වල පසුවන ඔවුන් වත්තල ප්රදේශයේ පදංචිකරුවන් ය.
මේ අතර ඊයේ (26) සවස් කාලයේදී ලුණුවිල පොලිස් වසමේ තුම්මෝදර බෝලවත්ත මාර්ගයේ පෙස්ටස් පෙරේරා මාවත ප්රදේශයේදී ලුණුවිල දෙස සිට පෙස්ටස් පෙරේරා මාවත දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටුණ අතර අනතුරින් යතුරු පැදිකරු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ඔහු ඔහු මහවැව ප්රදේශයේ 18 හැවිරිදි තරුණයෙකි.
මේ අතර ඊයේ රාත්රී කාලයේදී මිද්දෙණිය පොලිස් වසමේ තලාව දෙබොක්කාව ප්රදේශයේදී ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කානුවකට වැටී සිදුවූ අනතුරින් 31 හැවිරිදි යතුරු පැදිකරු තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.












