බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ (26) පස්වරුවේ බොරැල්ල, මිහිදුසෙන්පුර ප්රදේශයේ නිවසක් පරීක්ෂා කර හෙරොයින් ග්රෑම් 490ක් සහ ගංජා ග්රෑම් 300ක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත.
65 හැවිරිදි සැකකාරිය දෙමටගොඩ ප්රදේශයේ පදිංචිකාරියක් ලෙස හඳුනාගෙන ඇති අතර ඇය සමඟ සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදු කරනු ලැබේ.












