ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍යාධාරයක් ලබා දීම සඳහා IMF අනුමැතිය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකමය වශයෙන් ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍යාධාර ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 206ක් ලබා දීමට අනුමැතිය පළ කර ඇත.

නොවැම්බර් 28වන දින ඇති වූ සුළි කුණාටුවෙන් 600කට වැඩි පිරිසක් මිය ගිය අතර, 100,000කට අධික පිරිසක් අවතැන් වූහ. එසේම, ආපදා තත්වයට මුහුණ දුන් ප්‍රදේශවල යටිතල පහසුකම් සහ ජනතාවගේ ජීවනෝපායන්ද පුළුල් ලෙස හානියට ලක් වූ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ආදායමට සහ ගෙවුම් ශේෂයට බලපෑමක් ඇතිව තිබේ.

මෙම හදිසි අවස්ථාවේදී ලබා දුන් සහාය සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කර ඇත. මෙම ආධාර කඩිනම් මානුෂීය අවශ්‍යතා සපුරාලීමට මෙන්ම යළි ගොඩනැඟීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල සහායක් වනු ඇත. මූල්‍ය විනය සහ ණය තිරසාරභාවය මෙන්ම, මෙම අරමුදල් භාවිත කිරීමේදී විනිවිදභාවය, වගවීම පවත්වා ගනිමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිවලට අනුකූලව කටයුතු කිරීම සහතික කරලීම සඳහා තමන් කැපවන බවට රජය යළි තහවුරු කරයි.

මෙම ව්‍යසන තත්වයේ ආර්ථික බලපෑම සම්පූර්ණයෙන් තක්සේරු කිරීමට ගත වන කාලය හේතුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස් වන සමාලෝචනය කල් දමා ඇති අතර, එම සාකච්ඡා 2026 මුල් භාගයේදී යළි ආරම්භ කිරීමට නියමිතය.

හදිසි ප්‍රතිසංස්කරණ සහ මානුෂීය අවශ්‍යතා සපුරාලීමට මෙම හදිසි මූල්‍යාධාර උපකාරී වනු ඇති බව පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා, සුළි කුණාටුවෙන් සහ එහි ආර්ථික බලපෑමෙන් යළි යථා තත්ත්වයට පත් වන විට ශ්‍රී ලංකා බලධාරීන් මූල්‍ය විචක්ෂණභාවය, විනිවිදභාවය සහ අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා කැප වී සිටිනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website